Body

ඩයලොග් සවිබල‌යෙන් ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය 2024 පැවැත්වෙයි

2024 මැයි 09         කොළඹදී

 

Dialog Customers Contribute to Little Hearts

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් අනුග්‍රාහකත්ව චෙක්පත ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා වෙත ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ජාතික පැරාලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම්, කාංචනා ප්‍රදීපා ද සිල්වා (වමේ), ජාතික පැරාලිම්පික් කමිටුවේ උප සභාපති ධනංජය අලුදෙණිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන (දකුණේ), ජාතික පැරාලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික, දිලිනි වාරියපොළ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වුහ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා සහ ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ ප්‍රබලම ප්‍රවර්ධකයා ලෙසින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ලබන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ශ්‍රී ලාංකීය පැරා මලල ක්‍රීඩාව සම්බන්ධ පාලන කමිටුව වන ශ්‍රී ලංකාවේ ජාතික පැරාලිම්පික් කමිටුව (NPC) සංවිධානය කරනු ලබන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය 2024 සඳහා සිය සහය පිරිනමන බව සතුටින් දැනුම් දෙයි. මෙරට පැරා මලල ක්‍රීඩකයින්ගේ දක්ෂතා ප්‍රවර්ධනය කරමින්, ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ප්‍රමුඛතම මලල ක්‍රීඩා ශූරතාවලිය වන මෙය, මැයි 11 සහ 12 යන දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජාතික පැරාලිම්පික් කමිටුව අනුබද්ධ ක්‍රීඩා සමාජ 45කට වැඩි සංඛ්‍යාවක් හරහා දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊට එක්වන අතර, එම තරඟාවලියේදී කාණ්ඩ තුනක් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා විදහා දැක්වීමට ජාතික පැරාලිම්පික් කමිටුව අවස්ථාව සලසයි. ඒ අනුව, දෘෂ්‍යාබාධිත, කායික අශක්නුතාවයන් සහිත සහ සංජානන හා සංවර්ධන ආබාධ සහිත යන කාණ්ඩ තුන යටතේ 600කට අධික ක්‍රිඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම තරගාවලියට එක්වෙති.

ජාතික පැරාලිම්පික් කමිටුවේ සාඩම්බර අනුග්‍රාහකයා වන ඩයලොග්, මෙරට පැරාලිම්පික් ක්‍රීඩාව සමගින් දශක දෙකකට වැඩි ඉතිහාසයක් පුරා සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යයි. සමාගම, ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායමට ප්‍රථම වරට 2000 වසරේදී අනුග්‍රහය දැක්වූ අතර, එතැන් පටන් ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැරීම ඇතුළුව මෙරට පැරාලිම්පික් කණ්ඩායම් සඳහා 2004, 2008, 2012, 2016 සහ 2020 යන වසර ගණනාවක් පුරා ස්වකීය අනුග්‍රාහකත්වය පිරිනැමීමට ඩයලොග් කටයුතු කර ඇත. වසර ගණනක මෙම සහයෝගිතාවය, දක්ෂතා පිරිපුන් පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා මග පාදන්නක් වූ අතර, ඒ අනුව, ශ්‍රී ලාංකිය පැරා ක්‍රීඩාව කැපී පෙනෙන ජාත්‍යන්තර ජයග්‍රහණවලින් වර්ණවත් කිරීමට ඉකුත් කාලයේ හැකියාව ලැබිණි. පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක්, ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් මෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් හිමිකර ගැනීම එම ජාත්‍යන්තර ජයග්‍රහණවලට ඇතුළත් වේ. ඒ හැරුණු විට, ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 22ක් දිනා ගනිමින්, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කිරිමට මෙම සහයෝගිතාව ඉවහල් විණි.

ඩයලොග් මෙවැනි අනුග්‍රහයක් ජාතික පැරාලිම්පික් කමිටුව පිරිනැමීමට සමගාමීව, ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීමට අඛණ්ඩව කැපවන ඩයලොග්, ඔවුන් වෙනුවෙන් තාක්ෂණික සහය පිරිනමමින්, ආබාධ සහිත පුද්ගයින්ද සඳහා අන්තර්කරණ පරිසරයක් ගොඩනගයි. ඒ අනුව, ශ්‍රවන ආබාධ සහිත පුද්ගලයින් සංඥා භාෂා පරිවර්තකයින් හා සජීවීව සම්බන්ධ කෙරෙන DeafTawk සේවාව, රත්මලාන ශ්‍රව්‍යවිද්‍යා මධ්‍යස්ථානය මෙන්ම යාපනයේ පිහිටුවා ඇති කථන මධ්‍යස්ථානයද ඩයලොග් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන අතර, ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශය පහසු කරමින් dialog.lk වෙබ් අඩවියද මෑතකදී නැවත දියත් කරනු ලැබිණි. ඒ හැරුණු විට, ආබාධ සහිත විශ්ව විද්‍යාල සිසුන්ට අවැසි සහය Dialog MAS Enabler Programme හරහා පිරිනැමිමේ අරමුණින් ඩයලොග් MAS Holdings සමගින්ද මෑතදී අත්වැල් බැඳ ගන්නා ලදී.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, මෙන්ම Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සහ ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.