Call Conferencing


එක වර පුද්ගලයින් කිහිප දෙනෙකු ඇමතීමේ හැකියාව ඔබට ලබා දෙන Call conferencing සේවාව බොහෝ දුරකථන වර්ගවල හමුවන විශේෂාංගයකි. පුද්ගලයින් හය දෙනෙකු පමණ එක වර සම්බන්ධ කරගත හැකි මෙම සේවාව ව්‍යාපාරිකයින්ට විශේෂයෙන් ප්‍රෙයෝජනවත් වේ. එසේම පවුලේ සියළු දෙනාට හෝ මිතුරන් සමූහයකට එක වර පහසුවෙන් ආමන්ත්‍රණය කරීමේ හැකියාව මෙමගින් ඔබට ලබා දේ. ඔබ කළ යුත්තේ එක් දුරකථන ඇමතුමක් අතරතුර තවත් ඇමතුමක් මෙනියු එක හරහා ගැනීම පමණයි.

සක්‍රිය කිරීම

ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නැත. මෙම සේවාව පෙරගෙවුම් හා පසුගෙවුම් සම්බන්ධතා සඳහා අදාල වේ. දුරකථනයේ අනුකූලතාව අනුව සේවාව රඳා පවතියි.

භාවිතා කරන්නේ කෙසේද?

ඔබේ දුරකථනය හරහා ඔබට ඇමතුමක් ස්ථාපිත කිරීම, සහභාගිකයකු ඉවත් කිරීම, එක් සහභාගිකයකු වෙනුවට තව කෙනෙකු පත් කිරීම, පෞද්ගලිකව එක් අයෙකුට පමණක් කථා කිරීම ආදය සිදු කර හැක.

ඇමතුමක් ස්ථාපිත කිරීම

  1. දුරකථන ඇමතුමක් ලබා ගන්න
  2. ඇමතුම සම්බන්ධ වූ විගස, එය රඳවා තබන්න (hold කරන්න
  3. අළුත් ඇමතුමක් ලබා ගන්න
  4. දැන් conference යන්න දුරකථන මෙනුවේ දිස්වනු ඇත. එය තෝරා ගන්න.
  5. අවශ්‍ය පරිදී නැවත නැවත කරන්න

ඔබ ලබාගන්නා ඇමතුම් හා ඔබට ලැබෙන ඇමතුම් conference සංවාද ඇමතුමකට පරිවර්ථනය කර ගැනීමට පුළුවන. එනම්, ඔබේ ලැයිස්තුවේ සිටින සියළු දෙනාව ඔබට ඇමතිය හැකි අතර ඒ අයට ඔබව ඇමතීමේ හැකියාවද ඇත.

මිල ගණන්

අතිරේක ගාස්තුවක් හෝ විශේෂ අයකිරීම් නැත. ගුවන් කාලය සඳහා සාමාන්‍ය පරිදි පැකේජ ගාස්තු අනුව අය කෙරේ